7 ශ්‍රේණිය ICT - මධ්‍ය සැකසුම් ඒකකය(පළමු පාඩම)

මධ්‍ය සැකසුම් ඒකකය - Central processing unit(CPU) 

මධ්‍ය සැකසුම් එකකය බාහිරින් නිරීක්ෂණය කළ හැකිද ??
  • මධ්‍ය සැකසුම් ඒකකය බාහිරින් නිරීක්ෂණය කළ නොහැක.
  • ඒ පිහිටන්නේ පරිගනකයේ සකසනය(processor) තුළය(මෙය පද්ධති ඒකකය තුළ මව් පුවරුව මත ස්ථානගත කර ඇත)
  • ඒ මෘදුකාංග හා දෘඩාංග යන දෙවර්ගයේම එකතුවකි
මධ්‍ය සැකසුම් ඒකකය යනු කුමක්ද??

මධ්‍ය සැකසුම් ඒකකය යනු ලබා දෙන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදුකරන ලද අංකිත පරිපථයකි.

මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුනක් ඇත 


  • ගණිතමය හා තාර්කික ඒකකය - Arithmetic and logical unit
පරිගණකයේ අංක ගණිතමය හා සියලුම තාර්කික කටයුතු සිදු කරනු ලබන්නේ මෙම ඒකකය මගින් වේ.

  • පාලන ඒකකය - Control unit 
පරිගණකයේ පාලන කාර්යයන් පිළිබඳව සොයා බලයි.

පරිගණකයට සම්බන්ධ කර ඇති දෘඩාංග අතර සංනිවේදනය ,

ආදාන හා ප්‍රතිදානයන්හි දත්ත පාලනය ,
 
දත්ත සුදුසු ස්ථානවලට නිවැරැදි වේලාවට යැවීම වැනි ඒවා.

  • මතක රෙජිස්තරය - Memory register
මධ්‍ය සැකසුම් ඒකකයේ භාවිතා කරනු ලබන දත්ත තාවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානයක් මතක රෙජිස්තරයයි.

මතක රෙජිස්ටරේ රෙජිස්ටරේ මතක ධාරිතාව ඉතා කුඩා අගයක් ගනී.

නමුත් ඒ වේගය අතින් ගත් විට ඉදිරියෙන් සිටී.

මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය හෙවත් පරිගණකයේ පරිණාමය 

පරිගණක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකක නිර්මාණය කරනු ලබන තාක්ෂණ අනුව පරම්පරා හතරකට වර්ගීකරණය කළ හැක.
  1. පළමු පරම්පරාවට - රික්තක නල(Vacuum tubes)
  2. දෙවන පරම්පරාව - ට්‍රාන්සිස්ටර(Transistors )
  3. තෙවන පරම්පරාව - අනුකලිත පරිපථ(Integrated circuits ) 
  4. හතරවන පරම්පරාවේ - ක්ෂුද්‍ර සකසන(Microprocessor) 




මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය

මෙහි වේගය ලෙස හැඳින්වෙන්නේ තත්පරයක් තුළදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණයයි 

මෙහි වේගය මැනීමේ සඳහා හර්ට්ස්(Hertz) යන ඒකකය භාවිතා කරයි.
වර්තමානයේ මෙගාහර්ට්ස්MHz හා ගිගාහර්ට්ස්(GHz) භාවිතා කරනු ලැබේ.

කිලෝ හර්ට්ස් 1 KHz - 1000Hz
මෙගා හර්ට්ස් 1 MHz - 1000KHz (1000 000 Hz)
ගිගා හර්ට්ස් 1 GHz - 1000MHz (1000 000 000 Hz)

7 ශ්‍රේණිය දෙවන පාඩම සමගින් නැවත හමුවෙමු.

6 ශ්‍රේණිය  පලමු පාඩම - 
 



2 comments: