පරිගණකය හදුනා ගනිිමු.
පරිගණකය යනු කුමක්ද???
- සරලම අර්ථ දැක්වීම ලෙස අපට ගත හැක්කේ පරිගණකය යනු දත්ත තොරතුරු බවට පත් කරනු ලැබන ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි.
පරිගණකයේ මූලික කාර්යය වන්නේ කුමක්ද??
- පරිගණකයේ මූලික කාර්ය ලෙස හැදින්වෙන්නේ දත්ත ඇතුලත් කිරීම දත්ත සැකසීම හා සැකසු දත්ත(තොරතුර) පිටතට ලබා දීමයි .
පරිගණකයේ ලාක්ෂණික ගුණාංග
- වේගය හා කාර්යක්ෂමතාව
- නිරවද්යතාව
- නියත බව
- ආචයන ධාරිතාව
- පිරිවැය
- බුද්ධිමය බව
නිහිත පරිගණක පද්ධති සහිත උපාංග
- රෙදි සෝදන යන්ත්‍ර
- සුහුරු ජංගම දුරකථන - smart phones
- නූතන මෝටර් රථ
- නූතන රූපවාහිනි යන්ත්‍ර
ඉහත දැක්වෙන උපකරණ වල ඇතුළත් කර ඇති පරිගණක වැඩසටහන් නිහිත පරිගණක පද්ධති ලෙස හැඳින්වේ.
පරිගණක සංරචක හඳුනා ගනිමු
- ආදාන උපාංග - input devices
- ප්‍රතිදාන උපාංග - output devices
- මධ්‍ය සැකසුම් ඒකකය - central processing unit
- ප්‍රධාන මතකය - main memory
- ආචයන උපාංග - storage devices
- සන්නිවේදන උපාංග - communication devices
ආදාන උපාංග - input devices
ආදාන උපාංග යනු පරිගණකයට දත්ත හා උපදෙස් ලබාදීම සඳහා භාවිතා කරනු ලබන උපාංග වේ.
- මූසිකය - Mouse
- යතුරු පූරුව - keyboard
- තීරු කේත කියවනය - barcode reader
- මයික්‍රෆෝනය - microphone
- වෙබ් කැමරාව - webcam
- ස්කෑනරය - scanner
ප්‍රතිදාන උපාංග - output devices
ප්‍රතිදාන උපාංග යනු පරිගණකය තුල සකස් කරනලද දත්ත හා තොරතුරු පිටතට ලබා ගැනීම සඳහා භාවිත කරනු ලබන උපාංග වේ .
- මුද්‍රණ යන්ත්‍රය - printer
- ශබ්ද විකාශකය - speaker
- පරිගණක තිරය - monitor
- බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය - multimedia projector
මධ්‍ය සැකසුම් ඒකකය - central Processing Unit (CPU)
පරිගණකයේ මෙහෙයවීමේ ක්‍රියාවලිය හා දත්ත සැකසීමේ ක්‍රියාවලිය ක්‍රියාවලි සිදු කරනු ලබන්නේ මධ්‍ය සැකසුම් ඒකකය විසින්ය.
ප්‍රධාන මතකය - main memory
පරිගණකය ක්‍රියාත්මකව පවතින අවස්ථාවේදී දත්ත හා තොරතුරු තාවකාලිකව රඳවා තබා ගන්නා උපාංග ප්‍රධාන මතකය ලෙස හැඳින්වේ.
පරිගණකය ප්‍රධාන මතකය ලෙස හදුන්වනු ලබන්නේ සසම්භාවී ප්‍රවේශ මතකයයි(Random Access Memory - RAM)
ආචයන උපාංග - storage devices
නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා දත්ත හා තොරතුරු ගබඩා කරනු ලබන උපාංග හා ආචයන උපාංග ලෙස හැඳින්වේ.
සන්නිවේදන උපාංග - communication devices
පරිගනකයේ ඇති දත්ත හා තොරතුරු වැනි දෑ හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු ලබන උපාංග සන්නිවේදන උපාංග ලෙස හැඳින්වේ.
- ජාලකරණ අතුරු මුහුණත් කාඩ්පත - network interface card
- මොඩමය - modem
- රවුටරය - router
පාඩමේ ඉතිරි කොටස සමග ඉදිරියේදි හමු වෙමු.ස්තූතියි❤
No comments:
Post a Comment