6 ශ්‍රේණිය් ICT - මෘදුකාංග අවශ්‍යතාව (පළමු පාඩම)

මෘදුකාංගයක් යනු කුමක්ද?

පරිගණකය භාවිතය යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා අනුපිළිවෙලට සකස් කරන ලද වැඩසටහන් ලෙස හැඳින්වේ.

පරිගණක පරිශීලකයා කියන්නේ කවුද?

පරිගණක පරිශීලකයන් යනු පරිගනකය භාවිතා කරන පුද්ගලයාය.

මෘදුකාංග සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ
  • වදන් සැකසීමේ මෘදුකාංග - Word processing software 
  • පරිගණක ක්‍රීඩා - Computer games 
  • වීඩියෝ සංස්කරණ මෘදුකාංග -  Video editing software
  • ඡායාරූප සංස්කරණ මෘදුකාංග - Photo editing software
  • චිත්‍ර ඇදීමට භාවිතා කරන්න මෘදුකාංග - Paint 
  • මාධ්‍ය ධාවක මෘදුකාංග(සින්දු සහ වීඩියෝ බැලීමට) - Media players 
විවිධ ක්ෂේත්‍රයන් තුළ පරිගණකයේ භාවිතය 

වර්තමාන වන විට සියලුම ක්ෂේත්‍රයන් තුළ පරිගණකය භාවිතා කර ඔවුන්ගේ වැඩ කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමේ හැකියාව ඇත.

එවැනි ක්ෂේත්‍ර කිහිපයක් පහත දැක්වේ 
  • බැංකු 
  • ගොවිපොළ
  • පාසල 
  • කර්මාන්තශාලා 
  • රෝහල්
බැංකු ක්ෂේත්රය තුල පරිගණකය භාවිතා වන ආකාරය සලකා බලමු
  • මුදල් තැන්පත් කිරීමට හා ලබා ගැනීම සඳහා භාවිතා වන ATM(automatic tailor machine) යන්ත්‍රය.
  • ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිතය.
  • අන්තර්ජාල බැංකුකරණය(online banking)
  • ජංගම බැංකුකරණය (mobile banking)
ගොවිපල ක්ෂේත්‍රය තුළ තුළ පරිගණකය භාවිතා වන ආකාරය සලකා බලමු 

  • අය වැය වාර්තා සකස් කිරීමට
  • අස්වනු නෙලීම වලට වල් පැල ඉවත් කිරීමටත් හා ජල සැපයුම ආදියට රොබෝ තාක්ෂණය භාවිතා කිරීම 
  • ඩ්‍රෝන තාක්ෂනය තාක්ෂණය භාවිතයෙන් පොහොර හා කෘමිනාශක ඉසීම.
පාසල් ක්ෂේත්‍රය තුළ පරිගණකය භාවිතා වන ආකාරය සලකා බලමු 

  • පාසලේ කාර්යාලීය කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට 
  • ඉගැන්වීම සඳහා කළුලෑල්ල වෙනුවට පරිගණකය භාවිතා කිරීමට 
  • විද්‍යුත් සමර්පණ භාවිතයෙන් ඉගැන්වීමේ කටයුතු පහසු කර ගැනීමෙන (Presentations)
කර්මාන්ත තුළ පරිගණකය භාවිතා වන ආකාරය සලකා බලමු 

  • මිනිස් ශ්‍රමය භාවිතය අවම කර ඒ සඳහා පරිගණක උපාංග භාවිතය
  • රොබෝ තාක්ෂණය භාවිතය 
රෝහල තුල පරිගණකය භාවිත වන ආකාරය සලකා බලමු

  • අංකිත උණ කටු භාවිතා කිරීම
  • අංකිත රුධිර පීඩන මාන භාවිතා කිරීම 
  • දැඩි සත්කාරය හා ශල්‍යගාරය තුළ ඇති නිහිත පරිගණක සහිත උපාංග භාවිතය 
6 ශ්‍රේණිය පළමු පාඩම අවසන්.දෙවන පාඩම සමග නැවත හමුවෙමු .ස්තුතියි ❤

No comments:

Post a Comment