Saturday, August 8, 2020

-පරිගණකය හදුනා ගනිමු-

පරිගණකය යනු කුමක්ද???
  • සරලම අර්ථ දැක්වීම ලෙස අපට ගත හැක්කේ පරිගණකය යනු දත්ත තොරතුරු බවට පත් කරනු ලැබන ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි.

පරිගණකයේ මූලික කාර්යය වන්නේ කුමක්ද??
  • පරිගණකයේ මූලික කාර්ය ලෙස හැදින්වෙන්නේ දත්ත ඇතුලත් කිරීම දත්ත සැකසීම හා සැකසු දත්ත(තොරතුර) පිටතට ලබා දීමයි .

පරිගණකයේ ලාක්ෂණික ගුණාංග
  1. වේගය හා කාර්යක්ෂමතාව
  2. නිරවද්යතාව
  3. නියත බව
  4. ආචයන ධාරිතාව
  5. පිරිවැය
  6. බුද්ධිමය බව
නිහිත පරිගණක පද්ධති සහිත උපාංග
  1. රෙදි සෝදන යන්ත්‍ර
  2. සුහුරු ජංගම දුරකථන - smart phones
  3. නූතන මෝටර් රථ
  4. නූතන රූපවාහිනි යන්ත්‍ර
ඉහත දැක්වෙන උපකරණ වල ඇතුළත් කර ඇති පරිගණක වැඩසටහන් නිහිත පරිගණක පද්ධති ලෙස හැඳින්වේ.

පරිගණක සංරචක හඳුනා ගනිමු
  1. ආදාන උපාංග - input devices
  2. ප්‍රතිදාන උපාංග - output devices
  3. මධ්‍ය සැකසුම් ඒකකය - central processing unit
  4. ප්‍රධාන මතකය - main memory
  5. ආචයන උපාංග - storage devices
  6. සන්නිවේදන උපාංග - communication devices
ආදාන උපාංග - input devices

ආදාන උපාංග යනු පරිගණකයට දත්ත හා උපදෙස් ලබාදීම සඳහා භාවිතා කරනු ලබන උපාංග වේ.

  • මූසිකය - Mouse
  • යතුරු පූරුව - keyboard
  • තීරු කේත කියවනය - barcode reader
  • මයික්‍රෆෝනය - microphone
  • වෙබ් කැමරාව - webcam
  • ස්කෑනරය - scanner
ප්‍රතිදාන උපාංග - output devices

ප්‍රතිදාන උපාංග යනු පරිගණකය තුල සකස් කරනලද දත්ත හා තොරතුරු පිටතට ලබා ගැනීම සඳහා භාවිත කරනු ලබන උපාංග වේ .

  • මුද්‍රණ යන්ත්‍රය - printer
  • ශබ්ද විකාශකය - speaker
  • පරිගණක තිරය - monitor
  • බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය - multimedia projector
මධ්‍ය සැකසුම් ඒකකය - central Processing Unit (CPU)

පරිගණකයේ මෙහෙයවීමේ ක්‍රියාවලිය හා දත්ත සැකසීමේ ක්‍රියාවලිය ක්‍රියාවලි සිදු කරනු ලබන්නේ මධ්‍ය සැකසුම් ඒකකය විසින්ය.

ප්‍රධාන මතකය - main memory

පරිගණකය ක්‍රියාත්මකව පවතින අවස්ථාවේදී දත්ත හා තොරතුරු තාවකාලිකව රඳවා තබා ගන්නා උපාංග ප්‍රධාන මතකය ලෙස හැඳින්වේ.

පරිගණකය ප්‍රධාන මතකය ලෙස හදුන්වනු ලබන්නේ සසම්භාවී ප්‍රවේශ මතකයයි(Random Access Memory - RAM)

ආචයන උපාංග - storage devices

නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා දත්ත හා තොරතුරු ගබඩා කරනු ලබන උපාංග හා ආචයන උපාංග ලෙස හැඳින්වේ.


සන්නිවේදන උපාංග - communication devices

පරිගනකයේ ඇති දත්ත හා තොරතුරු වැනි දෑ හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු ලබන උපාංග සන්නිවේදන උපාංග ලෙස හැඳින්වේ.

  • ජාලකරණ අතුරු මුහුණත් කාඩ්පත - network interface card
  • මොඩමය - modem
  • රවුටරය - router
පාඩමේ ඉතිරි කොටස සමග ඉදිරියේදි හමු වෙමු.ස්තූතියි❤

Wednesday, July 29, 2020

අරමුණ

පාසල් විෂය නිර්දේශය තුල 10 සහ 11 ශ්‍රේණියන්ට හා උසස් පෙළ සදහා පමණක් තිබූ තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය මේ වන විට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වාද අනිවාර්ය විශයක් වී ඇත..එබැවින් මෙම විෂයේ ස්පර්ශ නොවන කුඩා මාතෘකා හා අනෙකුත් සිද්ධාන්ත සමගින දැනුම බෙදා ගැනීම සදහා අත්වැල් බැද ගැනීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නෙමි..